FAST NEWS

24×7 Around the Globe

පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව නැවත සක්‍රීය කරනවා – අැමති රිෂාඩ්

යුද්ධය හේතුවෙන් අක්‍රියව පැවැති පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව ලබන වසර වනවිට නැවත සක්‍රිය කිරීමට කටයුතු කරන බව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා පැවැසීය.
පරන්තන් රසායනික කර්මාන්ත ශාලා ප්‍රාදේශීය පරිසර විශේෂඥයන් හා මෙරට පරිසරවේදීන් සමග පසුගියදා සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
අදාළ කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ අනුමැතිය හිමි වී ඇතැයිද ඒ මහතා කීය.
මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම තුළින් රටේ ආර්ථිකයට මෙන්ම ප්‍රදේශයේ රැකියා ගැටලුවටද ඉතා හොඳ විසඳුමක් දිය හැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
දැනට ආරක්ෂක හමුදාව භාරයේ පවතින මෙම කර්මාන්ත භූමිය නැවත ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත්, කර්මාන්තශාලාව සතුව පවතින අක්කර 50 භූමියෙන් අක්කර 35ක් නැවත ලබාදීමට එකඟතාව පළවී ඇති බවත් රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදි වැඩි දුරටත් පැවසීය.