FAST NEWS

24×7 Around the Globe

පස්වරු 02 න් පසු බොහෝ ප්‍රදේශවලට වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 02.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (22) මධ්‍යහනයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව සිය නිවේදනෙයෙන් සඳහන් කර තිබේ.