FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා අගමැති හමුවෙයි..

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) අරලියගහ මන්දිරයේදි පැවැත්විමට නියමීතය.
වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරිමට නියමීත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍ය වෙත පැවසීය.
මේ අතර තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවසර දෙන්නැයි එක්සත් ජාතික පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට නියමිත බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.