පසුගිය බදාදා දිනයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට පියවර ගත් අතර එහිදී බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සහ බන්ධනාගාරයට පිටතින් පැමිණෙන පුද්ගලයින් පරික්ෂා කිරීම ද මෙහිදී එම නිළධාරීන් විසින් සිදුකරනු ලබයි.
බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් යෙදවීමට විරෝධය පළ කරමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 200 ක පමණ පිරිසක් ඊයේ (21) පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත විය.
නිරීක්ෂණ කුළුණ මතට නැග 40 දෙනෙකුගෙන් පමණ සමන්විත රැඳවියන් පිරිසක් පළමුවෙන් විරෝධතාවය ආරම්භ කළ අතර පසුව තවත් පිරිසක් එම විරෝධතාවයට එක්වී ඇති අතර ඊයේ රාත්‍රියේ ද ඔවුන් කුළුණ මතට වී විරෝධතාවයේ නිරත වී සිට ඇත.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් ඉන් ඉවත් කරගන්නා ලෙසයි.
කෙසේවෙතත් මෙම රැඳවියන්ට සිරමැදිරි තුළින් පිටතට පැමිණිමට හැකි වූයේ කෙසේ ද යන්න ගැටලු සහගත බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අද (22) දිනයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යැවීමට නියමිතව ඇත.
බන්ධනාගාරය තුළට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තමන්ගේ ප්‍රසාදය පලකර සිටින අතර හැකිනම් තවත් ආරක්ෂාව යොදවන ලෙසද ඔවුන් අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටී.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.