FAST NEWS

24×7 Around the Globe

නුවරඑළියට නායයෑම් අනතුරු ඇගවිම් නිකුත් කෙරේ..

පවතින වැසි කාලගුණ තත්ත්වයත් මත ඊයේ (21) රාත්‍රි 10.30 සිට ඉදිරි පැය 24 සදහා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කය නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කිරිමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය කොට්ඨාසය  සහ ඒ අවට ප්‍රදේශවලට මෙම අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75  ඉක්ම වූ වාර්ෂාපතනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර මේ හේතුවෙන් නායයාම්, බැවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොලොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් පිළිබඳව අවදානය යොමු කළ යුතු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර තිබේ.