FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් තවත් කොමිසමක්.

රාජ්‍ය වාණිජ ආයතන ගණනාවක පසුගිය කාලයේ ගනුදෙනු ගැන විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි වාර්තා වේ.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය දැක්වෙනු ඇත්තේ ප්‍රධාන පෙළේ රාජ්‍ය මූල්‍ය ආයතනයක් විසින් පසුගිය කාලයේ කරන ලද ගනුදෙනු පිළිබඳ බවද කියැවේ.
මේ හැර ඛනිජ තෙල් සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානීන් විසින් කරන ලද ඇතැම් කටයුතු ගැන ලැබී තිබෙන පැමිණිලි විමර්ශනයට ද තීන්දු කර ඇතැයි සඳහන්ය.
ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග පවසන්නේ මේ සඳහා පරීක්ෂණ ජනපති කොමිසමක් පත්කිරීමට ඉඩ ඇති බවය.