FAST NEWS

24×7 Around the Globe

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා..

අද (21) උදෑසන 6.30ට පමණ රදැල්ල ප්‍රදේශයේ දී සේවා දුම්රියක් පිළිපැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි,ඇති බම දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරයි.
පීලිපැනීමට ලක් වූ මැදිරි පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බව එම මැදිරිය කියයි.
මේ අතර පළුගස්වැව සහ ගල්ඔය අතර ප්‍රදේශයේ දී  වන අලියෙකු දුම්රියක ගැටීම හේතුවෙන් බාධා එල්ල වී තිබු මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ද දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරයි.