FAST NEWS

24×7 Around the Globe

අද (21) දිනයෙත් තද වැසි..

දිවයින පුරා දැනට පවතින වැසි තත්වය අද (21) දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව අද (21) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සදහන් වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එහි සඳහන්.
අද දිනයේදි මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවලද, ඇතැම් ස්ථානවලට (විශේෂයෙන් උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල) මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද පැවසේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි