FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව දැඩි කරයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට සැලැස්මක් ඇතැයි අනාවරණය වීම හේතුවෙන් ඒ මහතාගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඔහුගේ උපදේශකයන් දෙදෙනෙක් ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ඝාතන සැලැස්මට සම්බන්ධ බව කියමින් සැප්තැම්බර් 22 වැනිදා ඉන්දීය ජාතිකයකු ද මෙරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
“ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා . අදාළ පාර්ශ්ව දැනටමත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර කර තිබෙනවා. ඇත්තටම ඔහුගේ ආරක්ෂාව මේ වනවිට වැඩි කර තිබෙනවා. අපිට මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අවශ්‍යයි” යැයි ජනාධිපති උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මහතා මාධ්‍යවේදීන් හමුවේ සදහන් කර ඇත.
ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිබූ සැලසුම පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේ අගදීය.