FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් විශේෂ මහාධිකරණය හමුවට..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) නැවත වතාවක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියේය.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා 07 ක් යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවට අදාළව මෙම කැදවීම සිදුකර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට පසුගිය 09 වනදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර එදින මෙම නඩුව අද (19) සිට අඛණ්ඩව විභාග කිරීමට විශේෂ මහාධිකරණය තීරණය කරනු ලැබීය.