FAST NEWS

24×7 Around the Globe

සී.වී ගේ නව පක්ෂය 24 වැනිදා බිහි වෙයි..

උතුරු පළාත් සභා මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා මෙම 24 දා නල්ලූර්හි රාජා පරමේෂ්වරී ශාලාවේදී නව පක්‍ෂය බිහිකිරීමට තීරණය කර ඇත.
 
මේ සඳහා මහ ඇමැතිවරයා සිය ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සියලු ක්‍රියාකාරීන්ටත් උතුරේ වෘත්තීය සමිති ව්‍යාපාරික සහ රාජ්‍ය නොවන සංවිධානවලටත් ඇරයුම් කර ඇති බව වාර්තා වේ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති වෙනස්‌ වී නැති නිසා මෙම නව පක්‍ෂය බිහි කළ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇති අතර උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිදරන් මෙම පක්‍ෂයේ නියෝජ්‍ය නායිකාව බවට පත්වනු ඇතැයි ආරංචි මාර්ග කියා සිටියි.
ඊළාම් ස්‌වයං රාජ්‍ය පක්‍ෂය නමින් නව පක්‍ෂය බිහිවන බවත්, මෙම නව පක්‍ෂය ආරම්භ වුවහොත් ඊ. පී. ආර්. එල්. එෆ්. සුරේෂ් කණ්‌ඩායම සහ ගෙන්ද්‍ර කුමාර්ගේ දෙමළ ජනතා ජාතික පක්‍ෂය ද ඊට එක්‌වන බව ආරංචි මාර්ග පවසයි.