FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය 09 ක් ප්‍රශ්න කරයි..

ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ඊයේ (18) පැය නවයහමාරක කාලයක් පමණ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.
ඔහු නැවත අද (19) දිනයේත් පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවD හමුවේ පෙනී සිටීමට නියමිතය.
නාලක ද සිල්වා මහතා සමඟ නීතිඥවරුන් දෙදෙනකු ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය ද ඔවුන්ට ඇතුළුවීමට අවසර දී නැත.
ඊයේ පෙරවරු 9.30 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝග මත නාලක ද සිල්වා මහතා එහි පෙනී සිටි අතර සහකාර පොලිස්‌ අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් ඔහුගෙන් අදාළ ප්‍රශ්න කිරීම් සටහන් කරගනු ලැබීය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වෙයි.