FAST NEWS

24×7 Around the Globe

කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශයන්ට පස්වරු 06 ක් ජලය නෑ..

බලපිටිය – කෙරමිනිය ජල පවිත්‍රාගාරයේ සිට කොස්ගොඩ ජල ටැංකිය වෙත ජලය රැගෙන යන නල මාර්ගයක සිදුවූ පිපිරීමක් හේතුවෙන්, කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශවලට ජල සැපයුම පස්වරු 06 දක්වා අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ජල පාරිභෝගිකයින් 3000 ක පිරිසකට මේ හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය කියයි.