FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට..

නිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
මෙම සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙලේ සාකච්ඡාවක් ලබන 20 වැනිදා නවදිල්ලි නුවරදි පැවැත්වීමට නියමිතව ඇති බව එම කාර්යාලය පවසයි.
මෙම සංචාරයේදී එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් පැවසේ.
මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයා සමග අමාත්‍යවරුන් වන සාගල රත්නායක, මලික් සමරවික්‍රම, අර්ජුණ රණතුංග ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිළධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බවත් සඳහන්.