FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්ජීනේරු පෙරමුණේ සමාරම්භක උළෙල අද (17)..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිතව පිහිටුවා ඇති ශ්‍රී ලංකා පොදුජන ඉන්ජීනේරු පෙරමුණ එළ දැක්විමේ සමාරම්භක උළෙල අද (17) පස්වරු 05 ට හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතාගේ සහභාගිත්ව සහිතව කොළඹ ටාජ් සමුද හෝටලයේදි පැවැත්වෙන බව එම පෙරමුණ පවසයි.
රාජ්‍ය සහ පෞද්ගලි අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි සේවයේ නියතු ඉන්ජීනේරුවන් සම රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි ආචාර්ය මහාචාර්ය වරු විශාල පිරිසක් සිය පෙරමුණේහි සමාජීකත්වය දරණ බවද එම පෙරමුණ කියයි.
නාවික ගුවන් මහාමාර්ග සහ දුම්රිය ගමනාගමන පිළිබඳ ලෝකය සම ශ්‍රී ලංකාව තුළ පැවැති සහ පවතින තත්වයන් සකච්ඡා කරමීන් ශ්‍රී ලංකාවේ ගමනාගමනය සම්බන්ධයෙන් සිදුවිය යුති අනාගත වෙනස්කම් පිළිබඳව පුළුල් ජාතික කථිකාවක් නිර්මාණය කිරිම සිය පෙරමුණේ මුලික අරමුණ බද එම පෙරමුණ කියයි.