FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත් සභාව කොළඹ මහ නගර සභාවට මිලියන 3,000 ගෙවිය යුතුයි..

කොළඹ මහ නගර සභාවට බස්නාහිර පළාත් සභාවෙන් මුද්දර ගාස්තු හා දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 3000 ක මුදලක් ලැබිය යුතුව ඇතැයි නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා මාධ්‍ය වෙ පැවසීය.
ඉකුත්දා හිඟ මුද්දර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 500ක් ලැබුණු බවද ,හිඟ වරිපනම් ගාස්තු හා කඩකුලී වශයෙන් තවත් රුපියල් මිලියන ගණනක් ලැබිය යුතු බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.