FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට නියෝගයක්..

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දි ඇති බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට සැලසුම් කිරිමේ සිද්ධියට අදාළව ඔහුට එරෙහිව විමර්ශන සිදු කෙරෙන හෙයින් හෙතෙම මෙ වන විට අනිවාර්ය නිවාඩු මත සිටියි.