FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කීපයකට අද පස්වරු කාලයේදී තද වැසි…

දිවයින පුරා ප්‍රදේශ කීපයකට පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
පස්වරු 02.00 න් පමණ පසු මධ්‍යම , ඌව , සබරගමුව , උතුරුමැද සහ වයඹ පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටියි.