FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හෙට CIDයට…

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණත් ඔහු නොපැමිණි හෙයින් හෙට (18) නැවතත් එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
තම දරුවා අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් පැමිණිය නොහැකි බව ඔහු එම දෙපාර්තමේන්තුව හට දැනුම් දී තිබුණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙම කැදවීම සිදුකර ඇත.