FAST NEWS

24×7 Around the Globe

තලෙයිමන්නාරම දක්වා වූ දුම්රිය ධාවනය ලබන මස සිට යළි ඇරඹේ…

තාවකාලිකව නවතා දැමූ තිබූ කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා වූ දුම්රිය ධාවනය ලබන මාසයේ සිට යලි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
එම මාර්ගයේ නව පාලම් තුනක් සවිකිරීම හේතුවෙන් දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවිය.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙර පැවති පාලම් ඉවත්කර නව පාලම් ඉදිකරන ලෙස කළ ඉල්ලීමට අනුව එය සිදුකළ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.