FAST NEWS

24×7 Around the Globe

ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක්..

ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙන බව අමාත්‍ය රවුෆ් හකීම් සදහන් කර සිටියි.
ජල ගාස්තුව වසර 03 කට වරක් සංශෝධනය විය යුතු බවත් නමුත් වසර 06 ක් තිස්සේ ජල ගාස්තු කිසිදු සංශෝධනයකට ලක්වී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් , මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් සාමාජිකයන් කීපදෙනෙක් අදාළ කමිටුව සදහා පත්කර ඇත.