FAST NEWS

24×7 Around the Globe

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුහුණු කාලය වසර 02 දක්වා දීර්ඝ කරයි…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුහුණු කාලය වසර 02 දක්වා වැඩි කිරීමේ චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මේ දක්වා එම පුහුණු කාලය පැවතියේ වසර එකහමාර පමණි.
කොළඹ ගලධාරි හෝටලයේ පැවති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 630 කට ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බන ප්‍රකාශ කර ඇත .
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු ඩිප්ලෝමා ලබාගැනීම සිදුකරන පිරිසට 2019 වසරේ සිට රුහුණු විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව උපාධි පාඨමාලා හැදෑරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.