FAST NEWS

24×7 Around the Globe

ග‍්‍රාම නිලධාරීන් 482 කට ලබන සතියේදී නව පත්වීම් ලබාදෙයි…

ග‍්‍රාම නිලධාරීන් 378 කට ලබන සතියේදී පත්වීම් ලබාදීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි.
මේ අනුව පරිපාලන ග‍්‍රාම නිලධාරීන් 104 දෙනෙකුට ද පත්වීම් ලබාදෙන බව අමාත්‍යංශ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා සඳහන් කළේය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව ජාතික හැදුනුම්පත් ලබා ගැනිමේ ගාස්තු ග‍්‍රාම නිලධාරින්ට ගෙවීමේ ක‍්‍රමය ද මේ වනවිට ක‍්‍රියාත්මක බවත් ඒ අනුව ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු රුපියල් 100 ක මුදල ග‍්‍රාම නිලධාරින්ට ලබාදිය හැකි බවත් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.