FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 02 න් පසු වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (15) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි සඳහන්.
එසේම අද (15) දිනය තුළ මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලයදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවද කියැවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් ,අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුන ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.