FAST NEWS

24×7 Around the Globe

අද (15) සිට බන්ධනගාරවලට එස්.ටී.එෆ්..

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා අද (15) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියමිත බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ජේ‍ෂ්ඨ සහකාර ලේකම් බන්දු ජයසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව එහි පළමු අදියර යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් 300ක් බන්ධනාගාර 03 කට අනුයුක්ත කිරීමට නියමිත බව හෙතෙම පැවසීය.
වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර සඳහා භටයින් 200ක්ද, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය සඳහා භටයින් 100 ක් ද මෙසේ අනුයුක්ත කෙරෙනු ඇත.
බන්ධනාගාර තුළට පිටතින් පැමිණෙන නීති විරෝධී දේ වැළැක්වීම, ආරක්ෂාව තර කිරීම, වෙනත් අක්‍රමිකතා මැඩපැවැත්වීම මෙහි අරමුණ බව එ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.