FAST NEWS

24×7 Around the Globe

දෙකෝටියකට වඩා වටිනා හෙරොයින් කටුනායකදි අල්ලයි..

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමග ඉන්දීය ජාතික ‍යුවළක් අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අලුයම 1.52 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට්ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මොවුන් විසින් රැගෙන ආ ගමන් මල්ලක , ව්‍යාජ පතුලක් සකස් කර , ඒ තුළ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 040 ක් බර බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය සගවා තිබි ඇත.