FAST NEWS

24×7 Around the Globe

23 වැනිදා ජවිපෙ විරෝධතාවට ක්ෂේත්‍ර ගණනාවක සහාය..

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් 23 වෙනිදා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති ජන පීඩක ආණ්ඩුවට එරෙහි විරෝධතා උද්ඝෝෂණයට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති, ධීවර සංවිධාන, ගොවි සංවිධාන, ශිෂ්‍ය සංගම් ගණනාවක් මේ වන විට එක්ව සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
රටේ ආර්ථිකය බිඳ වට්ටමින්, රුපියල දිනපතා බාල්දු කරමින්, හැම මාසයකම තෙල් මිල වැඩි කරමින් වත්මන් ආණ්ඩුව ජනතාව මත අධික බරක් පටවමින් වැඩ කරන බවත්, ජනතාවට කැප කිරීම් කරන්නට යැයි කියමින් ආණ්ඩුවේ පාලකයන් හත්මුතු පරම්පරාවන් ගෙන රට සවාරි යන බවට ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.