FAST NEWS

24×7 Around the Globe

මීරියබැද්ද නායයෑමෙන් අවතැන් වූ ජනතාවට නව නිවාස…

කොස්ලන්ද – මීරියබැද්ද වතුයායේ සිදුවූ නායයෑමෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නව නිවාස 157 ක් අද (13) ජනතා අයිතියට පත්කරනු ලැබීය.
ඒ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පලනි දිගම්බරම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්ය.
මෙම නව නිවාස ඉදිකර ඇත්තේ කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මැදිහත්වයි.
එක් නිවාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් වැය කර තිබෙන අතර අදට යෙදී ඇති ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාමීව මෙම නිවාස ලබාදීම සිදුකර ඇත.