FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේන් ඉවත් වන්නැයි 15 න් ජනපතිට ලිපියක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව වහා ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවෙන් ඉවත්වූ  ශ්‍රීලනිප 15දෙනාගේ කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අද (13) ලිඛිතව ඉල්ලීමක් කිරිමට නියමිත බව පැවසේ.
ඊට අදාළ ලිපිය සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් විසින් ඊයේ (12) සකස් කර ඇති බවත්, ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනාගේ අත්සනින් යුතු වූ ලිපිය ජනාධිපතිවරයා වෙත යැවිමට නියමිත බවත් කියැවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටීමෙන් පක්ෂයත්, සන්ධානයත් විනාශ වන බැවින් ආණ්ඩුවෙන් ඉවත්ව ප්‍රගතශීලී බලවේග සමඟ නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව දන්වමින් මෙම ලිපිය සකස් කර ඇතැයි ද එම කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයා වෙත යවන ලිපිය ලබන 16 වැනි දා පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද වැඩි දුරටත් පැවසේ.