FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂගේ නඩුව ලබන මස 14 වනදා යළිත් විභාගයට…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 14 වනදා යළිත් විභාගයට ගැනීමට අධිකරණය අද (12) තීරණය කරනු ලැබීය.
ගම්පහ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වෙයි.
අදාළ නිවස සහ දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත.