FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ සංගම් කිහිපයකින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ඇතුළු සංගම් කිහිපයක් අද (12) අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර, එහි අමාත්‍යංශ ලේකම්වරයා, ඛනිඡ තෙල් අමාත්‍ය අර්ඡුුන රණතුංග සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.
දින 10 ක් ඇතුළත මිල සූත්‍රය හෙලි කිරීමට මුදල් අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් දැඩි පියවරකට එළඹෙන බව
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියි.