FAST NEWS

24×7 Around the Globe

රත්මලානේ ඉදිකළ නව ඖෂධ කර්මාන්ත ශාලාවක් අද ජනපති අතින් විවෘත වෙයි…

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය තවත් වැඩි කිරීමේ අරමුණින් රත්මලාන කදවලවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද නව ඖෂධ කර්මාන්ත ශාලාව අද (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනු ඇත.
ජපානයේ “ජයිකා” ව්‍යාපෘතිය යටතේ ලැබුණු ආධාර මත මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇති අතර මේ සදහා වැයකළ මුළු මුදල ජපන් යෙන් මිලියන 1240 කි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාව වසරකට පෙති හෝ කරල් මිලියන 1922 ක් වන අතර මෙම ව්‍යාපෘතිය මගින් එය මිලියන 3337 ක් දක්වා වැඩි වෙයි.
එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ අවශ්‍යතාවයෙන් 70 % ක් පමණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සපයනු ලබයි.