FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් අලුත් තනතුරු ගන්න පක්ෂවලට ඇරයුම් කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනාගේ වගකීම වී තිබෙන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම බවත්, මේ නිසා ආණ්ඩුවේ තනතුරු ලබාගෙන හෝ අලුතින් ඇතිකරන තනතුරු ලබාගෙන එම කටයුත්ත සිදුකිරීමට දායකත්වය දක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පක්ෂ වලින් ඉල්ලීමක් කරයි.

ආණ්ඩුව තුළ තිබෙනා අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය තනතුරුවලට අමතරව ඉදිරියේදී තේරීම්කාරක සභා සහ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු දිස්ත්‍රික්ක මට්ටමින් ඇතිකරන බවත්, එහිදී දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවලට සභාපති තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කරන බවද පවසා සිටියේය.