FAST NEWS

24×7 Around the Globe

ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වැසෙයි…

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
ඌව, වෙල්ලස්ස, බිම්තැන්න ප්‍රදේශවල අක්කර 62,500 ක භූමි ප්‍රමාණයක් උක් වගාවන් සඳහා සිංගප්පූරු බහුජාතික සමාගමකට ලබාදීමට රජය කටයුතු කිරීමට එරෙහිව ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ විසින් මෙම විරෝධතාවය සිදුකරනු ලබයි.
මෙම විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණීමට නියමිතව ඇති අතර මහ සංඝ රත්නය ඇතුලු පුද්ගලයින් රැසක් අත්සන් කළ පෙත්සමක්ද ජනාධිපතිවරයා වෙත භාරදෙන බව එම පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න පැවසුවේය.