FAST NEWS

24×7 Around the Globe

ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ යළි අරඹයි…

මාස 04 ක් පුරාවට සම්පූර්ණයෙන්ම නවතා දමා තිබූ කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ කටයුතු යළි ඇරැඹූ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩර් පටිපාටියට අනුව එම පරීක්ෂණ සදහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබාගැනීමේ ප්‍රමාද දෝශයක් ඇතිවී ඇත. ඉන්පසු ප්‍රාදේශීය මිලදී ගැනීම් හරහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබා ගැනීමෙන් අනතුරුව නැවත පරීක්ෂණ කටයුතු ඇරැඹූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
මාධ්‍ය මඟින් කළ හෙළිදරව්වෙන් අනතුරුව අවශ්‍ය කටයුතු කඩිනමින් සොයා බලා ක්‍රියාත්ම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වීමෙන් කඩිනමින් පරීක්ෂණ කටයුතු ඇරැඹීමට හැකි වූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.