FAST NEWS

24×7 Around the Globe

කලවාන – රත්නපුර මාර්ගයේ බස් වර්ජනයක්..

කලවාන – රත්නපුර මාර්ගයේ පෞද්ගලික බස් සහ ලංගම බස් අද (9) සවස් වරුවේ සිට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් බලපත‍්‍ර දී ඇන්දානේ සිට පෑබොටුව හරහා කලවානට අලූතින් බස් රථයක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවත් පැවසේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා පාසල් සිසුන් ඇතුළු මගීහූ දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවත් පැවසේ.