FAST NEWS

24×7 Around the Globe

තෙබුවනදී අත්අඩංගුවට පත් පොලිස් සැරයන්වරයාට ඇප..

පසුගිය 03 වනදා කළුතර, තෙබුවන නගරයේදී ගිනි අවියක් සහිතව නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් සැරයන්වරයාට අද (09) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.
අදාළ සැරයන්වරයා විසින් සිය බාරයට ගත් වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් තෙබුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීම හේතුවෙන් එලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.
ඔහු එහිදී සදහන්කර ඇත්තේ තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබාගන්නා බවටයි.
ඉන්පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පැය 02 ක පමණ උත්සාහයකින් අනතුරුව ඔහුව මෙල්ල කරගනු ලැබුවේය.
ඒ අනුව අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා පසු ගිය (04) දිනයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණේය.