FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති වලට 3/2 ක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි..

ජනතා විමුක්ති පෙරමුණ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ 03/02 ක බහුතරයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය, දැනුම්දී ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දෙමීන් සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සම්වල තීරණය කතානායකවරයාට දැනුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව අවධාරණය කර තිබේ.
එමෙන්ම, 20 වන සංශෝධනයේ තවත් වගන්ති කිහිපයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයෙන් සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බවද නියෝජ්‍ය කතානායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.