FAST NEWS

24×7 Around the Globe

ජනපතිට හා අගමැතිට පස්වන වතාවටත් සිතාසි නිකුත් කෙරෙයි..

හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි කුඨ ලේඛන නඩුවට අදාළව සාක්ෂි ලබා ගැනිම සඳහා ජනවාරි මස 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු වෙත කොළඹ මහාධිකරණය විසින් අද (09) පස්වන වතාවටත් සිතාසි නිකුත් කරනු ලැබීය.
සිය විදේශ සංචාර හේතුවෙන් අද (09) දින සාක්ෂි දීම සඳහා අධිකරණයට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ලේකම්වරු මාර්ගයෙන් ලිඛිතව අධිකරණයට දන්වා සිටියහ.
පසුගිය ජනාධිපතිවරණය සමයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාව බිඳ දැමීමට කටයුතු කළේ යැයි චෝදනා මත තිස්ස අත්තනායක මහතාට වෙත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.