බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී 2018 ඔක්තෝබර් 09 දින උදෑසන 2.00 පමණ වන විට, උතුරු අක්ෂාංශ 14.3 සහ නැගෙනහිර දේශාංශ 87.5 ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී 950 පමණ දුරින් ස්ථානගතව පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (09) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය අද (09) සහ හෙට (10) දිනවලදී තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර, දකුණු, මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බවද ,බස්නාහිර,වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද පැවසේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනද බවද සඳහන්.
බස්නාහිර,වයඹ, මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත්, ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.