FAST NEWS

24×7 Around the Globe

කොළඹ මහ නගර සභා සීමාව තුළ ජල සැපයුම අඩු පීඩනයෙන්..

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා සීමාව තුළ ජල සැපයුම අද (09) අලුයම සිට අඩු පීඩනයක් යටතේ සිදු කෙරෙන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අදාළ අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර ඇති බවද එම මණ්ඩලය කියයි.
අලුත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සාමාන්‍ය පරිදි ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් කියයි.