FAST NEWS

24×7 Around the Globe

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට..

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (09) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේ දී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376ක් වන අතර අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් වන බවත් ,එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයයට 4 යි දශම 1 ක් බව මුදල් හා ජනධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අයවැය හිඟය පියවීම සඳහා 2019 වසරේ දී රුපියල් බිලියන 1944ක් දේශීය හා විදේශීය වශයෙන් ණය ලබාගැනීමට ද රජය අපේක්ෂා කරන බව අයවැය විසර්ජන පනතේ ඇතුළත් වෙයි.
අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව ලබන නොවැම්බර් මස 05 වන දින සිදුකිරීමට නියමිතය.