FAST NEWS

24×7 Around the Globe

විජයකලා මහේෂ්වරන්ට ඇප….(Update)

හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.
අද (08) පෙරවරු 9.00 ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවේ දී ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගියදා එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට, යාපනයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ඇයව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.