FAST NEWS

24×7 Around the Globe

කළු සහ ගිං ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට නිවේදනයක්…

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළු සහ ගිං යන ගංඟා මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ කළු ගඟ මිල්ලකන්ද ජල මාපකයේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහල ගොස් ඇති බවයි.
අත්තනගලු ඔයද දූනමලේ ජල මාපකයේදී සුළු ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරු 7.30 ට නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
මීට අමතරව ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් කොළඹ, ගාල්ල, කළුතර දිස්ත්‍රික්කවල පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සේවා සැළසීම සඳහා යුද හමුදාවේ සාමාජිකයින් 185 දෙනෙකු පිටත්කර යවා ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.