FAST NEWS

24×7 Around the Globe

කිහිපදෙනෙකුට අවශ්‍ය ලෙස ඡන්ද ක්‍රමය වෙනස් කිරිමෙන් අනාගයේදි ගැටලු වලට මුහුණ දිමට සිදුවෙයි..

කිහිපදෙනෙකුට අවශ්‍ය ලෙස ඡන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් අනාගතයේ ගැටලු වලට මුහුණදීමට සිදුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍යවේදීන් වෙත පැවසීය
එසේම ප්‍රමාණවත් පරිදි කාලය ලබාගෙන සියලු ජනකොටස් සතුටුවන ආකාරයේ ඡන්ද ක්‍රමයක් සකස් කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අතර හෙට (08) මධ්‍යම රාත්‍රියේ දී මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අවසන් වන අතර ලබන 10 වැනිදා වයඹ පළාත් සභාවේ නිල කාලයද අවසන් විමට නියමිතය.
මේ මස 24 වැනිදා උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් විමට නියමිතය.
ඒ අනුව මේ මාසය අවසන් වන විට පළාත් සභා 06 ක ඡන්ද විමසීමක් සිදුකළ යුතු වේ.