FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්…

පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, බදුල්ල, පස්සර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මේ වනවිට නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව යි.