FAST NEWS

24×7 Around the Globe

වළකට වැටී කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට…

කුරුණෑගල පොතුහැර – කටුපිටියවත්ත ප්‍රදේශයේ වළකට වැටීමෙන් සිදුවූ හදිසි අනතුරකින් කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (05) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 04 සහ අවුරුදු 13 වයස්වල පසුවන පිරිමි ළමයින් දෙදෙනෙක් බව පොලිසිය පවසයි.
මෘත ශරීර මේ වන විට කුරුණෑගල මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.