FAST NEWS

24×7 Around the Globe

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ලක්ෂ 70ක හෙරොයින් සමග සැකකරුවන් 05 ක් අල්ලයි…

ඊයේ (05) රාත්‍රියේ සිදුකරනු ලැබූ මෙහෙයුමකින් ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 70 ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්වී ඇත.
සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
මොවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 650 ක් පොලිස් භාරයට ගෙන ඇත.