ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) දහවල් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් සමන් දිසානායක මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි.
එහිදි මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියකුට එරෙහිව කළැයි කියන ප්‍රකාශයක් ද දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයේ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් හඬපටවල තිබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඒ ගැන පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතාගෙන ප්‍රශ්න කර තිබේ.
ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ තමා නාලක සිල්වා මහතා සමඟ කිසිම පුද්ගලික අමනාපයක් නැති බවයි.








