FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව ප්‍රතිපල පිළිබඳ අභියාචන 20 වැනිදා පෙර යොමු කරන්න..

ප්‍රතිපල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම්, 2018.10.20 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ප්‍රතිපල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවනු ලබන ලිපියේ සඳහන් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැඩිදුර තොරතුරු ක්ෂණික ඇමතුම් අංකය – 1911, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිලල ශාඛාව – 0112784208, 0112784537, 0113188350, 0113140314 යන අංක ඔස්සේ ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.